පාකිස්තානයේ අලුත උපදින දරුවන් විකිණීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
ඒ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ රෝහල් සේවකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය පවසයි.
මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින් අලුත උපන් දරුවන් වෙනුවට මියගිය දරුවන් තබා, එම දරුවන් පැහැරගෙන ඇති බවත්, ඔවුන්ගේ දරුවන් ජීවිතක්ෂයට පත්වූ බව දෙමවුපියන්ට පවසමින් මෙසේ දරුවන් පැහැරගැනීම සිදුකර ඇති බවත් කියැවෙයි.
අනතුරුව මෙසේ පැහැරගන්නා දරුවන් ඇ.ඩො.650 ත් 850ත් අතර මුදලකට දරුවන් නොමැති යුවළ වෙත විකුණා ඇති බවත් මේ වනවිට හෙළි වී තිබේ.
පාකිස්තානය තුළ පසුගිය කාලය පුරාම දරුවන් පැහැරගැනීම සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීමේදී මෙම ජාවාරම හෙළිකර ගැනීමට එරට පොලීසියට හැකිවී තිබේ.