චීනයේ ඉ-වාණිජ සම්බන්ධ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන අලිබබා සිය ප්‍රථම අන්තර්ජාල අලෙවි සැල 11Main.com නමින් ඇමෙරිකාව තුළ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන්නේ චීනයෙන් පිට ප්‍රථම ව්‍යාපාර මෙහෙයුම ලෙසිනි.
අලිබබා හි කොටස් ඇමෙරිකාව තුළ අලෙවි කිරීමේ සූදානමත් සමග මෙම පියවර ගෙන ඇති අතර, එය තාක්ෂණික සමාගමක විශාලතම කොටස් නිකුතුවක් වනු ඇති බවටද වාර්තා පළ වෙයි.
අලිබබා වෙබ් අඩවිය මේ වනවිට චීනයේ ප්‍රමුඛතම අන්තර්ජාලය වෙළෙන්ඳා බවට පත්ව සිටී. පසුගිය වසර තුළ ඒ මත සිදුවූ සියලු ගනුදෙනු ඇමසෝන් හා ඉබෙයි වෙබ් අඩවිවල එකතුවටත් වඩා වැඩි අගයක් ගෙන ඇති බවද පැවසෙයි.