ඇත් දළ ලබාගැනීමේ අරමුණින් මහා පරිමාණයෙන් සිදුවන වන අලි දඩයම මේ ආකාරයෙන් දිගින් දිගටම සිදුවුවහොත් ඉතා ඉක්මනින් අප්‍රිකානු අලි මිහිතලයෙන් වඳ වී යනු ඇතැයි ජාත්‍යන්තර සංවිධානයක් අනතුරු අඟවයි.
පසුගිය වසර තුළ පමණක් අප්‍රිකානු අලි 20,000ක් පමණ මරා දමා ඇති බව සයිට්ස් නමින් හැඳින්වෙන වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින සතුන් වෙළෙඳාම පිළිබඳ සංවිධානයේ නවතම ප්රකාශනයක් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවටද මේ කාලයේ දැඩිව බලපා ඇති අලි ජාවාරම, අප්‍රිකාවටද දැඩිව බලපා ඇති බව මේ තුළින් පෙන්නුම් කෙරෙන අතර, එම වාර්තාවෙන් වැඩිදුරටත් පැවසෙන්නේ දඩයම් කර ඇති අලි ගණන කලාපයේ අලි උපත් සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බවය.
අප්‍රිකානු කලාපයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇති ඇත් දළ ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව තමන් ලේඛන ගත කර ඇති තොරතුරුවලින් හෙළි වන බවද එම සංවිධානය අවධාරණය කරයි.
එම සංවිධානයට අනුව ඇත් දළ ජාවාරම රටවල් කිහිපයක සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මෙහෙයවන බව කියැවෙයි.