කෙන්යාවේ වෙරළබඩ ප්රදේශයක් වූ ලාමූ ආශ්රිතව බස් රථයක් ඉලක්ක කරමින් තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
වීටූ නගරයට ආසන්නයේදී බස් රථය වෙත එල්ල කරන ලද විවෘත වෙඩි තැබීමෙන් මෙම මරණ සිදුව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මෙම ප්රහාරය එල්ල වන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් රථයටද ඔවුන් වෙඩි තබා ඇති අතර, සෝමාලියාවේ අල්-ෂබාබ් ත්රස්තයන් මෙම ප්රහාරයට සිදුකරන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම කාලය තුළ පමණක් කෙන්යාවේ වෙරළබඩ ප්රදේශවල පුද්ගලයන් 100ක් පමණ මේ ආකාරයෙන් අල්-ෂබාබ් ප්රහාරයන්ට ගොදුරු වී තිබේ.