සෝමාලියාවේ, මොගඩිෂු අගනුවරදී අල්-ෂබාබ් ඉස්ලාමීය ත්රස්ත සංවිධානය විසින් සිදුකළ ප්රහාර ද්විත්වයකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම අගනුවරම සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 350 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සති දෙකකට පසුව මෙම සිදුවීම වාර්තා වෙයි.
මෙම ද්විත්ව පිපිරීමේ පළමු පිපිරීම මරාගෙන මැරෙන මෝටර් රථයක් යොදාගෙන හෝටලයක් වෙත එල්ල වූ බෝම්බ ප්රහාරයකි.
මෙම ප්රහාරයෙන් පසුව ත්රස්තවාදීන් එම ගොඩනැගිල්ලට කඩා වැදී තිබුණි.
දෙවැනි පිපිරීම සෝමාලියාවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ පුපුපුරාගොස් තිබුණි.
ඉස්ලාමීය ත්රස්ත සංවිධානයක් වන අල්-ෂබාබ් ත්රස්තයන් ප්රහාරයේ වගකීම භාරගෙන තිබූ අතර, මීට සති දෙකකට පෙර එල්ල වූ ම්ලෙච්ඡ ත්රස්ත ප්රහාරයද එම ත්රස්ත සංවිධානය විසින් භාරගෙන තිබුණි.