කේන්යාවේ වෙරළබඩ නගර දෙකක් වෙත අල්-ෂාබාබ් ඉස්ලාමීය අන්තවාදීන් තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ක්‍රෑර ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් 25 දෙනෙකුම ඝාතනය කර තිබෙන්නේ ගැම්බා ගම්මානය වෙත එල්ල කළ ප්රහාරයේදීය. එහිදී, පොලිස් ස්ථානයක් වෙතද ප්‍රහාර එල්ල කළ ඔවුන් අල්-ෂබාබ් සැකකරුවන් නිදහස් කරගෙන තිබුණි.
සෙසු පිරිස ජීවිතක්ෂයට පත්ව තිබුනේ ඊට ආසන්න ලාමූ ප්‍රදේශය වෙත එල්ල කරන ලද ප්රහාරයකිනි. එහිදී, මරා දැමුණු පුද්ගලයෙකුගේ ශරීරය මත බයිබලයක්ද තබා යෑමට ත්රස්තයන් කටයුතු කර තිබුණි.
මෙම ලාමූ ප්‍රදේශය පසුගිය මාසයේදී අල්-ෂබාබ් ත්රස්තයන් විසින් පුද්ගලයන් 65 දෙනෙකු ඝාතනය කළ ම්පෙකෙටෝනි නගරය ආසන්න ප්‍රදේශයක් ලෙස සැලකෙයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී නයිරෝබි නුවර වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණය වෙත ප්‍රහාරයක් එල්ල කරමින් මහා මනුෂ්‍ය සංහාරයක් සිදුකළේද සෝමාලියානු ඉස්ලාමීය අන්වාදී ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන අල්-ෂබාබ් සංවිධානයයි.