කෙන්යාවේ වෙරළ නගරයක් වූ ම්පෙකෙටෝනි වෙත ප්රහාරයක් එල්ල කරමින් අහිංසක මිනිස් ජීවිත 48ක් අමු අමුවේ මරා දැමූ ඉස්ලාමීය අන්වාදී අල්-ෂබාබ් ත්රස්තයන් ඒ ආසන්නයේ තවත් ගම්මානයක් වෙත කඩා වැදී පුද්ගලයන් 10 දෙනෙකු මරා දමා ඇති බව වාර්තා වෙයි.
තුවක්කුකරුවන් අසල ගම්මානයකට කඩා වැදී රාත්රිය පුරා මේ මිනිස් සංහාරය සිදුකළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
රොයිටර් පුවත් සේවය වෙත ප්රකාශයක් නිකුත් කර ඇති අල්-ෂබාබ් ත්රස්තයන් ප්රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් කියා ඇත්තේ කෙන්යාවේ සිදුකරන මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බවයි.
අල්-කයිඩා ත්රස්ත සංවිධානයට සම්බන්ධ අල්-ෂබාබ් ත්රස්තයන් පසුගිය සඳුදා එල්ල කළ ප්රහාරයේදී පොලිස් ස්ථානයක්ද විනාශ කළේය.