අල්-බග්දාදි තවමත් ජීවතුන් අතර - ඇමෙරිකාව
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි තවදුරටත් ජීවතුන් අතර සිටින්නේ යැයි විශ්වාස කළ හැකි බව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු හමුදා ජෙනරාල්වරයෙකු පවසයි.
පසුගිය මැයි මාසයේදී සිරියාවේ සිදුකළ ගුවන් මෙහෙයුමකින් අල් බග්දාදි ඝාතනය කළ බව රුසියාව මීට පෙර පවසා සිටියේය.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට එරෙහි ඒකාබද්ධ හමුදා සන්ධානයේ අණදෙන නිලධාරී ජෙනරාල් ස්ටෙෆන් ටවුන්සෙන්ට් පවසන්නේ අබු බකර් අල්-බග්දාදි ඉරාකය හා සිරියාව අතර ග්‍රාමීය ප්‍රදේශයක සැඟව සිටිය හැකි බවයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ මර්මස්ථාන වෙත එම රාජ්‍යයන් දෙකම ඒකාබද්ධ හමුදා සමග එක්ව සිදුකරන මෙහෙයුම් හේතුවෙන් ඔහු මෙසේ ආරක්ෂිත ස්ථානයක් වෙත පළාගොස් ඇති බව හෙතෙම පවසයි.
බග්දාදි රැඳී සිටින ස්ථානය පිළිබඳව කාලයක සිට නිවැරදි තොරතුරක් නොලැබුණු අතර, ඔහු ඉරාකයේද නැත්නම් සිරියාවේද යන්න පවා අවිනිශ්චිත විය.
බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බව පැවසෙන වාර්තා කිහිපයක් මීට පළ වී තිබුණත්, පසුව ඔහු පිළිබඳ පුවත් හා හඬපඩ වරින්වර ඉස්මතු වියි.
ඇමෙරිකානු හමුදා ජෙනරාල්වරයා පවසන්නේ බුද්ධි අංශ හරහා ලැබුණු තොරතුරු මත ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

