යුක්රේනයේ කියෙව් අගනුවර යුද පිටියක් බවට පත්වෙමින් දැනට උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමේ සම්මුතියක එක් අංශයක්ලෙස නියමිත කාලයට පෙර හදිසි ජනපතිවරණයක් සඳහා එරට ජනාධිපති වික්ටර් යනුකෝවිච් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව, ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන ව්‍යවස්ථා සංශෝධනවලට සහ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමටත් තමන් එකඟ වූ බව යනුකොවිච් ජනාධිපතිවරයා පවසා තිබේ.
යුරෝපා සංගමයේ සහ රුසියාවේ නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ විරුද්ධ පක්ෂය සමග පැය කිහිපයක් මුළුල්ලේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම සම්මුතියට එකඟත්වය පළ වී ඇති බව කියැවෙයි.
සම්මුතිය පිළිබඳව විරුද්ධ පක්ෂය තවමත් කිසිවක් සඳහන් කොට නොමැති අතර, අගනුවර වීදි බැස සිටින උද්ඝෝෂකයන් ඊට සහයෝගය ලබාදෙනු ඇතිද යන්න තවමත් පැහැදිලි නොමැති බවද කියැවෙයි.
එමෙන්ම, සියලුම ආරක්ෂක හමුදා යළි බැරැක්කවලට කැඳවීමටද බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති හදිසි සැසිවාරයකදී පාර්ලිමේන්තුව තීන්දු කළ බව වාර්තා වෙයි.