චීනයේ සත්කාරකත්වයෙන් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා චීනය යන රාජ්‍යයන්හි එකමුතුවෙන් පැවති බ්‍රික්ස් (BRICS) සමුළුව සාර්ථකව අවසන් වූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවේදී ෂිආමෙන් සම්මුතිය පිහිටුවා ගැනීමද විශේෂත්වයක් ගෙන තිබුණු අතර, එහිදී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් ඔවුන්ටම ආවේණික වූ අභ්‍යන්තර ගැටලු රැසකින් පීඩා විඳින බවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඒ අනුව, මෙම අභියෝග ජයගැනීම සඳහා දීර්ඝ කාලිනව සාමූහික ප්රයත්නයක් ගැනීමේ වැදගත්කමද මෙහිදී සලකා බැලුණි.
නව වැනි වරටත් සංවිධානය වූ මෙවර සමුළුවේ බ්‍රසීල ජනපති මයිකල් ටර්මර්, රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි,චීන ජනපති ෂී ජින්පිං සහ දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සූමා යන රාජ්‍ය නායකයෝ එහි නිල සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.
එමෙන්ම, බ්‍රික්ස් සාමාජික රටවල් අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා වැදගත් වන අංශ පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වී තිබුණි. එමෙන්ම, කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ඇතිව තිබෙන අභියෝග පිළිබඳවද යම් කතාබහක් මෙවර සමුළුවේදී සිදුව තිබේ.