තම ගම්මාන ආශ්රිත අබලන් මාර්ග පිළිබඳව බලධාරීන්ගේ අවධානය දිනාගනිමින් ඒවා පිළිසකර කරවා ගැනීමට අපූරු ක්‍රමවේදයක් සොයා දීමට තායිලන්තයේ, බැංකොක් නිරූපිකාවක් කටයුතු කර තිබේ.
එහිදී, මෙම තරුණිය තමාගේ ඥාතීන් ජීවත් වන ටාක් පළාතේ අබලන් මාර්ග පිළිසකර කරවාදීමට මෙම අපූරු ක්‍රමවේදය අත්හදා බලා ඇත්තේ, ඔවුන් මෙකී මාර්ග සකසා ගැනීම සඳහා දේශපාලඥයන් පසුපස ගොස් හෙම්බත්ව ඇති නිසාය.
ඒ අනුව, නාන රෙද්දකින් සැරසුණු ඇය මෙසේ කැඩී බිඳීගිය මාර්ගයක ඇති මඩ වලක බැස දිය නෑමට කටයුතු කර ඇති අතර, මෙම සිද්ධිය එරට මාධ්‍ය තුළ මෙන්ම සමාජජාල තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.
කෙසේ වෙතත්, මෙම තරුණියගේ මේ අපූරු සොයාගැනීමත් සමග එරට තවත් ප්‍රදේශ රැසක කාන්තාවන් මෙය අනුකරණය කරමින් තම ගම්මානවල අබලන් මාර්ග පිළිසකර කරවා ගැනීමට බලධාරීන් උනන්දු කරවීම සඳහා කටයුතු කර තිබේ.
මෙම විරෝධතාවලට සුවිශේෂී ප්‍රතිචාර හිමිවී ඇති බවත්, ඒ බොහෝ ගම්මානවල අබලන් මාර්ග පිළිසකර කරවාදීමට බලධාරීන් දැනටමත් උපදෙස් ලබාදී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.