අප්‍රිකානු වනාන්තරවල සිටින දැවැන්ත විලෝපීයයන් 'ඇන්ටෙලොප්' මුවන් මරා ආහාරයට ගන්නා ආකාරය සාමාන්‍ය දෙයක් වුවත්, ගොදුරේ සම්පූර්ණ සිරුරම ගිල දමන විලෝපීයන් එතරම් බහුල නොවෙයි.
නමුත්, අප්‍රිකාවේ වෙසෙන 'රොක් පයිතොන්' නමින් හැඳින්වෙන දැවැන්ත පිඹුරෙකුට හසුවූයේ නම් මුව සිරුරක් තබා, මයිල් ගසක්වත් සොයා ගැනීම උගහටය.
ඩේලිමේල් වාර්තා කළ මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ අප්‍රිකාවේ, බොට්ස්වානා හි මොරේමි ගාමේ රක්ෂිතයේදී අඩි 8ක් පමණ දිග 'රොක් පයිතොන්' පිඹුරෙකු විසින් සාමන්‍ය ප්‍රමාණයේ 'ඇන්ටෙලොප්'මුවෙකු ගිල දමන ආකාරයයි.
මේ දුර්ලභ ඡායාරූප කැමරාවට හසුකරගත් ෆ්‍රෙඩ් වොන් නැමති නෙදර්ලන්ත ජාතික ඡායාරූප ශිල්පියා පවසන ආකාරයට, ඔහු මේ සිදුවීම සමීපයට ගොස් ඡායාරූප ගැනීමට කටයුතු කළත් ඒ පිළිබඳවද කිසිදු තැකීමක් නොකළ පිඹුරා, තමන්ට හමුවූ ගොදුර බොහොම පරිස්සමින් ගිල දමා තිබේ.
තමන් පුදුම කරවන ආකාරයෙන් පිඹුරා කට විවෘත කළ බවත්, විනාඩි 45ක පමණ කාලයකදී සම්පූර්ණයෙන්ම ගොදුර ගිල දැමීමට පිඹුරා සමත්වූ බවත් ෆ්‍රෙඩ් වැඩිදුරටත් පවසා තිබේ.