ගූගල් හි යූටියුබ් හා ෆේස්බුක් සමාජජාලය විසින් සිය වෙබ් අඩවි වෙත අප්ලෝඩ් කරන අන්තවාදී දත්ත හා වීඩියෝ ස්වයංක්රීයව ඉවත්කිරීමේ ක්රමවේදයක් හඳුන්වා දීමට සැරසෙයි.
මෙම වෙබ් අඩවි හරහා සිදුකරන අන්තවාදී ප්රචාරක කටයුතු නැවැත්වීම සඳහා ගනු ලැබූ යෝධ පියවරක් ලෙස මෙය හැඳින්වෙන අතර, එම ක්රමවේදය අන්තර්ජාලයේ තවත් ප්රමුඛ සමාජජාල හා වෙබ් අඩවි වෙත හඳන්වාදීමටත් සැරසෙයි.
විශේෂයෙන්ම අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් මෙන්ම, එවැනිම වූ අන්තවාදී සංවිධාන විසින් යූටියුබ් හා ෆේස්බුක් වෙත ඉදිරිපත් කරන මෙවැනි වීඩියෝ හෝ දත්ත අවහිර කිරීමක් හෝ ඉවත් කිරීමක් මෙහිදී ස්වයංක්රීයවම සිදුවනු ඇති බවත් පැවසෙයි.