නැගෙනහිර යුක්රේනයේ රජයේ මෙහෙයුම් නතර කිරීමත් සමග අන්තර්ජාතික අධිකරණ වෛද්‍ය නිලධාරීන් MH17 යානය අනතුරට පත් ස්ථානය වෙත ළඟා වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව, ඔස්ට්‍රේලියානු හා නෙදර්ලන්ත විශේෂඥයන්ගෙන් සමන්විත විශේෂඥයන් එම කලාපයේ මේ වනවිටත් සිය පරීක්ෂණ අරඹා ඇති බව පැවසෙයි.
යානය කඩා වැටුණු කලාපය වෙත ළඟාවීම සඳහා සතියක පමණ කාලයක් බලා සිටීමට විශේෂඥයන්ට සිදුවූයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් හා යුක්රේන රජයේ හමුදා අතර පැවති ගැටුම් උත්සන්න වීම හේතුවෙනි.
ඔස්ට්‍රේලියාව විශ්වාස කරන්නේ යානයෙන් අනතුරට පත්වූවන් 80කගේ පමණ මළ සිරුරු තවමත් මෙම කලාපය තුළ ඇති බවය.