චීන මගී නෞකා අනතුරින් මියගිය පිරිස් සිහිපත් කිරීමේ විශේෂ අනුස්මරණ උත්සවයක් අද චීනයේදී පැවැත්වූ බව විදෙස් පුවත් වාර්තා කරයි.
අද (07දා) දිනය වනව විට නෞකාවේ ගමන්කළ පුද්ගලයන් 431 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව නිල වශයෙන් තහවුරු කරගෙන තිබුණු අතර, තවමත් පුද්ගලයන් 11 දෙනෙකු යැංග්සේ ගංගාවේ අතුරුදන්ව ඇති බව පැවසෙයි.
එමෙන්ම, මෙම අනුස්මරණයට සහභාගි වෙමින් ගිලීගිය නෞකාව ගොඩනැගීමට කටයුතු කළ යාත්රා නළා හඬවමින් එම සිහිපත් කිරීම සිදුකර තිබේ.
එහිදී, නෞකාවේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් 1,500කට ආසන්න පිරිසක් යංග්සේ ගංගාව අසලට පැමිණ මෙම අනුස්මරණයට සහභාගි වී තිබේ.
පසුගියදා අයහපත් කාලගුණය නිසා අනතුරට පත් නෞකාවේ පුද්ගලයන් 456 දෙනෙකු ගමන් කළත්, ඉන් දිවි බේරාගෙන තිබුණේ පුද්ගලයන් 14 දෙනෙකු පමණි.