(UPDATE) ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ, බඩාක්හෂ්හාන් පළාතේ සිදුවූ කඳු නායයෑමකින් පුද්ගලයන් 2500ක් පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කරන බව ඇෆ්ගනිස්ථාන බලධාරීහු පවසති.
එම පළාතට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම නිසා මඩ සහ ගල් පර්වතවලින් නිවාස රැසක් සම්පූර්ණයෙන්ම යටවී ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් ප්රදේශය වෙත ළඟා වෙමින්, අනතුරින් දිවිගලවා ගත්තවුන් සෙවීමේ මෙහෙයුම් අරඹා ඇති බව පැවසෙයි.
පසුගිය සතිය පුරා උතුරු හා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයන් 150ක් පමණ ජීවිතක්ෂයට පත්විය.