අභිනව ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් හා මෙලානියා ට්‍රම්ප් ධවල මන්දිරයට කැඳවූ අවස්ථාවේදී ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගැනීමක් නොකර වත්මන් ජනපති බරැක් ඔබාමා කුහක ප්රතිපදාවක සිටි බව විදෙස් මාධ්‍ය චෝදනා කරයි.
විශේෂයෙන්ම මීට වසර 08 කට පෙර, එනම් 2008 වසරේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බරැක් ඔබාමා තේරීපත්ව, මුලින්ම ධවල මන්දිරයට ඇරයුම් ලැබූ අවස්ථාවේදී එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ජෝර්ජ් ඩබ්. බුෂ් සහ ලෝරා බුෂ් විසින් ඔබාමා යුවළට ප්‍රසිද්ධියේ ඉහළ පිළිගැනීමක් ලබාදුන් බව එම මාධ්‍ය සිහිපත් කරයි.
විශේෂයෙන්ම 2008 ජනාධිපතිවරණයේදී ඔබාමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ ජෝර්ජ් ඩබ්. බුෂ් මැතිවරණ ජයග්රහණයෙන් පසුව, එවැනි ප්‍රසිද්ධ පිළිගැනීමක් ලබාදීම බුෂ් තුළ පැවති මහත්මා ගති පිළිබිඹු කළ අවස්ථාවක් බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ අනුව, ඔබාමා කළු ජාතිකයෙකු ලෙස ඇමෙරිකාවේ සුක්ඛානම අතට ගන්නා විට, ඔහු වඩාත් මානුෂවාදී ජනාධිපතිවරයෙකු වනු ඇති බවට බොහෝ ඇමෙරිකානුවෝ විශ්වාස කළහ.
නමුත්, වසර 08ක් ගෙවීයන තැන ඔබාමා බිරිඳ, මිෂෙල්ගේ විලාසිතා සහ හැඩවැඩ ඔප්නැවීමක් සහ ඇමෙරිකානු ආර්ථිකය වළපල්ලට ගමන් කිරීම මෙන්ම, ඇමෙරිකානු අතපෙවීම් සිදුවූ ලෝක දේශපාලනය කබලෙන් ලිපට වැටීමක් හැරෙන්නට මේ කළු ජාතිකයා සිදුකළ හාස්කමක් නොමැති බව ප්‍රසිද්ධ රහසකි.
මේ තත්ත්වය යටතේ, අද වනවිට ඔහුගේ හැසිරීම තුළ ඔබාමා යනු ඇමෙරිකානු ඉතිහාසයේ පහළ වූ වඩාත් කුහක ජනාධිපතිවරයා ලෙස ජනගත වීම නොවැළැක්විය හැකිවනු ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, 2008 දී ධවල මන්දිරයට ප්‍රථම වරට පැමිණි ඔබාමා සහ මිෂෙල්, එවකට ජනාධිපති බුෂ් හා ආර්යාව විසින් පෙරමගට ගොස් පිළිගන්නා ඡායාරූප මාධ්‍යයේ වාර්තා වුවත්, ඔබාමා යුවළ විසින් ට්‍රම්ප් යුවළ පෙරමගට ගොස් පිළිගන්නා හෝ ඔවුන්ව ධවල මන්දිරය තුළ රැගෙන යන ඡායාරූපයක් තබා, සැබවින්ම එවැනි ක්‍රියාවක්ද සිදුව නොතිබුණි.
ඒ වෙනුවට, ඔබාමාගේ ඕවල් කාමරයේදී ට්‍රම්ප් හා ඔබාමා අතර හමුව මෙන්ම, මිෂෙල් අතිශය රහසිගතව මෙලානියා සමග සිදුවූ හමුවේ ඡායාරූප පමණක් ප්‍රසිද්ධ කෙරිණි. කෙසේ වෙතත්, ට්‍රම්ප් යුවළ ධවල මන්දිර කාර්ය මණ්ඩලය හා කතානායක සමග ධවල මන්දිරය තුළ ඇවිද යන ඡායාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කෙරිණි.
අතීතය සිහිපත් කරන මාධ්‍ය පෙන්වා දෙන්නේ, ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයා ලෙස ධවල මන්දිරයට පැමිණෙන විට එවකට ජනාධිපති ධුරය හෙබවූ බිල් ක්ලින්ටන්ද එවැනි උණුසුම් පිළිගැනීමක් බුෂ් වෙත දැක්වූ බවය. ඊට පෙර ජනාධිපතිවරුද එම සම්ප්‍රදායන් ගරු කර ඇති අතර, කුහක දේශපාලනයෙන් ඔබ්බට ගොස් ඇති බව එම මාධ්‍ය සිහිපත් කරයි.
කෙසේ වෙතත්, මෙවර මැතිවරණ ව්‍යාපාරය පුරා හිලරි වෙනුවෙන් ඔබාමා යුවළ මෙන්ම, සමස්ත ධවල මන්දිරයම කඩේ යෑම තුළ, එදාමෙදාතුර ධවල මන්දිරයේදී නවක ජනපතිවරයෙකු පිළිගන්නා සියලු සම්ප්‍රදායන්ට පයින් ගැසීමට ඔබාමාට සිදුව තිබුණිදැයි විදෙස් මාධ්‍ය ප්‍රශ්න කරති.
එදා ජෝර්ජ් ඩබ්. බුෂ් යුවළ ඔබාමා යුවළ ධවල මන්දිරයට පිළිගත් මොහොත...
අද ට්‍රම්ප් යුවළට ධවල මන්දිරයේදී ලැබුණු පිළිගැනීම...
බිල් ක්ලින්ටන් ජේර්ඩ් ඩබ්. බුෂ් පිළිගනිමින්, ජෝර්ජ් ඩබ්. බුෂ් ඔබාමා පිළිගනිමින් ඡායාරූප සැසිය...
ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ පියා ජෝර්ජ් බුෂ් යුවළ, බිල් ක්ලින්ටන් යුවළ පිළිගත් මොහොත...
ජිමී කාටර් යුවළ, රොනල්ඩ් රේගන් යුවළ පිළිගත් අයුරු...
වෝග් සඟරාවේ දෙසැම්බර් කවරය සරසන අලුත්ම නිරූපිකාව...