1980 දශකයේදී දේශපාලන සිරකරුවන්ට වධ හිංසා කිරීම හා මරා දැමීම පිළිගත් බ්‍රසීලයේ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ඔහුගේ නිවසේ සිටියදී මරා දමා ඇති බව වාර්තා වෙයි.
පවුලෝ මල්හෑස් නම් වූ හිටපු හමුදා කර්නල්වරයා බ්‍රසීලයේ යුද හමුදා පාලනය පැවති සමයෙහි දේශපාලන සිරකරුවන් වධ හිංසාවන්ට ලක් කළ බවත්, ඔවුන් මරා දැමූ බවත් මීට මාසයකට පමණ පෙර පිළිගෙන තිබුණි.
1964 සිට 1985 දක්වා කාලය බ්‍රසීලයේ හමුදා පාලනයක් පැවති සමයෙහි 500ක් පමණ දෙනා මියගොස් හෝ අතුරුදන්ව සිටි බව කියැවෙයි. එමෙන්ම තවත් දහස් ගණනක් වධ බන්ධනයන්ට ලක්විය.
ඒ අතර වර්තමානයේ බ්‍රසීලය පාලනය කරන ජනාධිපතිනී ඩිලිමා රවුසෙෆ්ද විණි.
කෙසේ වෙතත් මෙම කර්නල්වරයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදී ඇති ඔහුගේ බිරිඳ පවසා තිබෙන්නේ රියෝ දි ජැනෙයිරෝ නුවර අසල පිහිට ඔවුන්ගේ නිවෙසට පැමිණි මිනිසුන් තිදෙනෙක් තම ස්වාමියාගේ ගෙල සිරකර ඔහු මරා දැමූ බවයි.
කෙසේ වෙතත් හිටපු කර්නල්වරයා පසුගිය සතියේදී බ්‍රසීලයේ ජාතික සත්‍යය කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ තමා විසින් සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන් කනගාටු නොවන බවය.
“අවශ්‍යතාව අනුව අවශ්‍ය තරම් බොහෝ මිනිසුන්” යන වචන පාවිච්චි කරමින්, කර්නල් පවුලෝ මල්හෑස් තම ඝාතන යුක්ති සහගත කර තිබුණු බවද කියැවෙයි.