IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අග්නිදිග ආසියානු නායකයා ලෙස සැලකෙන පිලිපීනයේ අබු සයේෆ් ත්‍රස්ත සාමාජිකයෙකු වූ ඉස්නිලන් හැපිලොන් නමැත්තා පිලිපීන හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අතිශයින් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කළ මෙම ජිහාඩ් ත්‍රස්තයා දකුණුදිග පිලිපීනයේ මරාවි ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තවත් අත්‍යවශ්‍ය ජිහාඩ් ත්‍රස්තවාදියෙකු සමගිනි.
පසුගිය මැයි මාසයේදී අබු සයේෆ් ත්රස්තවාදීන් විසින් මරාවි නගරයේ සිය බලය පැතිරීම ආරම්භ කිරීමේ සිට මෙම නගරය යළි අත්පත් කරගැනීමේ පිලිපීන හමුදා මෙහෙයුම් දියත් වෙයි.
මෙම මෙහෙයුම වඩාත් වේගවත් කිරීමට පිලිපීන ජනපති රොද්‍රිගෝ දුතාර්තේ අණදී ඇති අතර, මේ තත්ත්වය තුළ මාස කිහිපයක් පැවති ගැටුම් අවසන් කිරීම සඳහා හමුදා ඉදිරියට ඇදෙමින් සිටිති.
මෙම ප්‍රදේශය අන්තවාදී ජිහාඩ් මුස්ලිම් ත්රස්තයන්ගේ ග්‍රහණයට නතුවීමත් සමග එම ත්රස්තයන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමගම සම්බන්ධ වෙමින් සිය මෙහෙයුම් දියත් කර තිබුණු අතර, මියගිය ත්රස්තවාදියා අග්නිදිග ආසියානු කලාපයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා ලෙසද සැලකෙයි.