අක්‍රීය තත්ත්වයේ පවතින චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය, ටියැන්ගොන් - 01 මෙම සති අන්තයේදී පෘථිවිය වෙත කඩා වැටෙනු ඇති බව විශ්වාස කෙරෙයි.
මීටර් 10ක් පමණ විශාලත්වයෙන් යුතු, ටොන් 08ක පමණ බරින් යුතු මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය සාමාන්‍යයෙන් පෘථිවි වායු ගෝලයට පැමිණෙන මනුෂ්‍යා විසින් නිර්මාණය කළ සාමාන්‍ය චන්ද්‍රිකාවන්ට වඩා විශාල වෙයි.
මේ වනවිට මේ සමග ඇති සියලු සබඳතා බිඳ වැටී ඇති බව පවසන චීනය, එය ඔවුන්ගේ පාලනයෙන් තොර බව කියයි.
කෙසේ වෙතත්, පෘථිවි වායුගෝලයට පැමිණීමේදී මෙහි බොහෝ කොටස් ගින්නට හසුවීම සාමාන්‍ය සිදුවීමක් වෙයි.
මේ නිසා ගිනි නොගත් කොටසක් පෘථිවි පෘෂ්ඨයේ ජනාකීර්ණ ප්‍රදේශයක් සමග ගැටීමට ඇති සම්භාවිතාව මෙන්ම අවදානම ඉතාම අවම බව විද්‍යාඥයෝ පවසති.