Brexit නිසා ප්‍රධාන බැංකු බ්‍රිතාන්‍ය හැරයාමේ ඉඩක්
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යොමුවූ Brexit තීරණයත් සමග බ්‍රිතාන්‍ය තුළ ස්ථාපිතව ඇති ලොව ප්රමුඛ පෙළේ බැංකු කිහිපයක් ලබන වසරේදී එරටින් ඉවත්වීමේ සූදානමක් පවතින බව බිතාන්‍ය බැංකුකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ සභාපති ඇන්තනී බ්‍රවුනී එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ කුඩා බැංකුද 2017 වසරේ සිට සිය මෙහෙයුම් විදේශයන්හි සිට සිදුකිරීමේ පිඹුරුපත් සකසමින් සිටින බවයි.
එරට ක්‍රියාත්මක වූ බොහෝ බැංකුවල මතය වී තිබුණේ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් නොවී තවදුරටත් එම සංගමය තුළ රැඳී සිටිය යුතු බවයි. කෙසේ වෙතත්, Brexit ජනමත විචාරණයේ ප්‍රතිඵලයත් සමග එම බැංකුද සිය මෙහෙයුම් අලුත් තැනකට රැගෙන යාම කෙරෙහි උනන්දුවෙන් පසුවන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
එමෙන්ම, මේ වනවිට මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් පවතින දේශපාලන හා මහජන කතිකාවතද ඔවුන් වැරදි මාවතක් වෙත රැගෙන යන බවද සභාපතිවරයා පෙන්වා දී ඇත.
බොහෝ බැංකු විසින් සිය මෙහෙයුම් බ්‍රිතාන්‍යයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සිදුවන කතාබහ සහ ඒවා කවර අවස්ථාවක, වඩාත් හොඳම ක්‍රමයට සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

