තමාගේ දේශපාලන අරමුණ ඉටුවෙමින් බ්‍රිතාන්‍ය ජනතාව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ඡන්දය පාවිච්චි කළ බවත්, මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂයේ (UKIP) නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් නයිජල් ෆරාජ් පැවසීය.
බ්‍රිතාන්‍යය වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බවත්, තම පක්ෂය දැන් ඉතා යහපත් තත්වයක පවතින බවත් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් ෆරාජ් පැවසූ බව විදෙස් වාර්තා පවසයි.
තම පක්ෂයට නායකත්වය දීම භාරදූර හා ඉතා දුෂ්කර කටයුත්තක් වුවත්, ඒ කාර්යය තමන් ඉතා කැමැත්තෙන් ඉටුකළ බවද ඔහු කියා ඇත.
එමෙන්ම, බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා තෝරාපත් කරගැනීමේදී Brexit ජනමතවිචාරණයට සහාය පළකළ නායකයෙකු තෝරාපත් කරගත යුතු බවද ඔහු එහිදී පවසා තිබේ.
මේ අතර, තම පක්ෂයේ නායකත්වය වෙනුවෙන් කිසිවෙකුට සහාය පළ කිරීමක් නොකරන බවත්, ඒ සඳහා සුදුසුම තැනැත්තා ඊට පත්වනු ඇති බවත් වැඩිදුරටත් කියා ඇත.