ඇන්ටාක්ටිකාවට අයත් දැවැන්ත අයිස් කුට්ටියක් වන A-68 තවදුරටත් කැඩී වෙන්වී සාගරයට ගසාගෙන යෑමේ ලකුණු පෙන්වා ඇති බව චන්ද්‍රිකා ඡායාරූප තහවුරු කරයි.
වර්ග කිලෝමීටර් 6,000ක් පමණ වන මෙම දැවැන්ත අයිස් කුට්ටිය පසුගිය සතියේදී කතාබහට ලක්වූ අතර, එය බෙදී වෙන්වීමේ පරතරය පැහැදිලි ලෙසම වැඩිවී ඇති බව එම චන්ද්‍රිකා ඡායාරූප සනාථ කර තිබේ.
ඩෙයිමෝස්-1 චන්ද්‍රිකාවෙන් ලබාගත් ඡායාරූප මේ සඳහා විද්‍යාඥයන් භාවිත කර ඇති අතර, මෙම කාලයේදී ශීත සෘතුවේ දීර්ඝ රාත්‍රී කාලයන් පැවතීම නිසා එම කලාපයේ ඡායාරූප ලබාගැනීම පහසු නොවන බවද විද්‍යාඥයෝ පවසති.