එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් ධුරයේ ප්‍රථම කාන්තාව අවුරුදු 92ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිටපු කොමසාරිස් ජපාන ජාතික සඩාකෝ ඔගාටා අධ්‍යාපනඥයෙකු මෙන්ම, රාජතාන්ත්රිකයෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි.
වර්ෂ 1991 සිට 2000 දක්වා ලෝකයේ සරණාගත කම්පනයන් ඉතා උග්‍රව පැවති යුගයක ඇය මානව හිමිකම් කොමසාරිස් ධුරයේ රාජකාරී කටයුතු කර ඇත.
1991 වසරේ ගල්ෆ් යුද්ධයෙන් පසුව පළා ආ කුර්දිවරුන්ට රැකවරණය ලබාදීම මෙන්ම, බෝල්කන් යුද්ධයේ සරණාගතයන්ට රැකවරණය සැපයීම එකල ප්‍රධාන කර්යයන් විය.