ISIS නායක අබු බකර් අල්-බග්දාදි මරා දැමූ එක්සත් ජනපද විශේෂ බලකායේ විශිෂ්ට සුනඛයාගේ වර්ග නොකළ ඡායාරූපයක් මෙසේ ප්‍රසිද්ධියට පත් කරන බව ජනපති ට්විටර් පණිවුඩයක් සමග ප්‍රහාරයේදී බරපතළ තුවාල ලැබූ හමුදා සුනඛයාගේ ඡායාරූපය ප්‍රසිද්ධ කර තිබේ.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එක්සත් ජනපද ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් මිලී පවසා සිටියේ මෙම ප්‍රහාරයේදී එරට හමුදා භටයන්ට අනතුරක් නොවූවත්, උමග තුළ කොටුවූ බග්දාදි පසුපසින්ම ලුහුබැඳ ගිය මෙම සුනඛයා බරපතළ තුවාල ලැබූ බවයි.
පෙරේදා (27දා) ජාතිය අමතමින් ට්‍රම්ප් කළ කතාවේදී ඔහු කියා සිටියේ බග්දාදි උමග තුළ හඬමින් හා කෑ මොර දෙමින් දිවගිය බවයි. ඒ අවස්ථාවේදී ඔහු පසුපස ලුහුබැඳ ඉදිරියෙන්ම ගිය සුනඛයා ලෙස මොහු සැලකෙයි.
කෙළවර පිටවුම් දොරටවුක් නොමැති උමග තුළ අවසානයේදී විශේෂ බලකා සුනඛයාගෙන් බේරීමට නොහැකි වූ බග්දාදි සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවා ගත් අතර, එම පිපිරීමෙන් මෙම විශිෂ්ට ක්‍රියාන්විතයට සහභාගී වූ සුනඛයා බරපතළ තුවාල ලබා තිබුණි.