නව යොවුන් වියේදී ඉස්ලාම් ආගම වැළඳ ගෙන, පසුව IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය සමග එක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජැක් ලෙට්ස්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කර තිබේ.
ජිහාඩි ජැක් ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු, 2014 වසරේදී ඔක්ස්ෆර්ඩ්ෂෙයා උසස් පාසල අත්හැර සිරියාවේ රක්ඛා නගරය වෙත ගොස් IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සමග එක්වන විට ඔහුගේ වයස අවුරුදු 18කි.
කුර්දි YPG බලකාය විසින් 2017 වසරේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ තුර්කියට පළා යෑමට ගත් උත්සාහයේදීය.
බ්‍රිතාන්‍ය කැනේඩියානු ද්විත්ව පුරවැසිභාවයක් හිමිව තිබූ ඔහු, 2016 වසරේදී ඉස්ලාම් දහම වැළඳගෙන තිබුණු බව හෙළි වෙයි.