IS නායක අබු බකර් අල්-බග්දාදිගේ DNA සාම්පල ලබාගැනීම සඳහා ඔහුගේ යට ඇඳුමක් සොරා ගැනීමට බුද්ධි මෙහෙයුමක් සිදුවූ බව කුර්දි සිරියානු ඩිමොක්රටික් බලකාය කියයි.
ඒ අනුව, පසුගියදා එක්සත් ජනපද විශේෂ බලකාය සිදුකළ රහසිගත මෙහෙයුමේදී සිය බෝම්බ ඇඳුම් කට්ටලය පුපුරුවාගෙන මියගිය බග්දාදිගේ DNA පරීක්ෂාව පෙරකී යට ඇඳුම ඇසුරින් ලබාගත් DNA සමග සැසඳුණු බවද සඳහන් වේ.
එම බලකායේ අණදෙන නිලධාරී පොලාට් කෑන් පවසන්නේ, ඔවුන්ගේ බුද්ධි තොරතුරු සැපයීමේ දායකත්වයද බග්දාදි කොටුකර ගැනීමේදී සුවිශාල දායක්තවයක් දැක්වූ බව කියයි.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුම සඳහා කුර්දි බලකාය දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්රම්ප් එතරම් දැඩි සැලකිල්ලක් නොදැක්වූ අවස්ථාවක ඔවුන් මෙම අනාවරණය කිරීමද විශේෂත්වයකි.