ඇය ලොව වයස්ගතම පිහිණුම් ශූරිය ලෙස හැඳින්වීමේ වරදක් නැත. මේ වනවිට 93 වැනි විය පසුකරමින් සිටියත් ඇය ලෝක වාර්තා දෙකක හිමිකාරියක බව අමතක කළ යුතු නැත.
බ්රසීල ජාතික හිටපු ගෘහ නිර්මාණ ශිල්පිනියකද වන නෝරා රොනායි නම් වූ ඇය තවමත් සිය ක්රීඩා දිවියට විශ්රාම දීමට සූදානම් නැත.
ඇය මේ ආකාරයෙන් පිහිනුම් ක්රීඩාවට යොමුවන්නේ වයස අවුරුදු 69දීය. ඒ අනුව, 2014 මාස්ටර්ස් ලෝක ශූරතාවට සහභාගී වන ඇය රන් පදක්කම් හතක් දිනාගන්නා අතර, එවකට ඇගේ වයස අවුරුදු 90කි.
ඇය පවසන්නේ ශාරීරිකව කෙසේ වෙතත්, මානසිකව පිහිනුම් තටාකය තමන්ට විශාල සැණසිල්ලක් උදාකරන බවයි.
එමෙන්ම, කිසියම් දෙයක් සැබෑ කරගැනීමේ අධිෂ්ඨානයක් පවතින්නේ නම් එයට වයස හෝ වෙලාව ප්රශ්නයක් නොවන බවද ඇය කියයි.