7 වරක් එවරස්ට් තරණය කළ නොබුකාසු 8 වැනිවර සමුගනී
එවරස්ට් කඳු මුදුන 07 වතාවක් තරණය කර ඇති ජපාන ජාතික කඳු නගින්නෙකු වූ නොබුකාසු ක්යුරික් එවරස්ට් තරණයේ 08 වැනි උත්සාහයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
35 වැනි වියෙහි පසුවූ නොබුකාසු මීට පෙර එවරස්ට් තරණය සඳහා සිදුකළ උත්සාහයන්වලදී ඔහුගේ අත්වල ඇඟිලි එකක් හැර සියල්ල ඔහුට අහිමි විය.
නේපාල රජය පවසා සිටියේ ඊයේ (21දා) උදෑසන සිය කූඩාරම තුළ ඔහු මියගොස් සිටියදී ෂෙර්පාවරුන් විසින් ඔහුගේ දේහය සොයාගන්නා ලද බවයි.
දින කිහිපයක් තුළ එවරස්ට් තරණයේදී ජීවිතක්ෂයට පත් දෙවැනි කඳු නගින්නා නොබුකාසු වන අතර, පසුගිය ඉරිදා දිනයේදී මෙසිඩෝනියානුවෙකුද එවරස්ට් තරණයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ජපාන ජාතිකයාගේ මෙවර කඳු තරණය වෙනුවෙන් අනුග්රහය දක්වා තිබූ සමාගම පවසා තිබුණේ ඔහුගේ දේහය නේපාලයේ අගනගරය වෙත රැගෙන ඒම සඳහා පහසුකම් සැලසූ බවයි.
කෙසේ වෙතත්, අයහපත් සන්නිවේදන තත්ත්වය නිසා ඔහුගේ මරණය සිදුවූ ආකාරයක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරක් මෙතෙක් වාර්තා නොවන බව නේපාලයේ සංචාරක බලධාරියෙකු සඳහන් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





