මැලේසියාවේ ගින්නෙන් සිසුන් පමණක් 21ක් නසී
මැලේසියාවේ, ක්වාලලම්පූර් නුවර ආගමික පාසලක ඊයේ (14දා) සිදුවූ හදිසි ගිනි ගැනීම නිසා මියගිය පිරිස අතර එම පාසලේ සිසුන් 21 දෙනෙකු සහ ගුරුවරු දෙදෙනෙකු සිටින බව තහවුරු කරගෙන තිබේ.
තහ්ෆීස් දරූල් කුරාන් ඉටිෆර්කීයා නමැති ඉස්ලාම් අධ්‍යාපනය ලබාදෙන මෙම පාසල තුළ ඊයේ අලුයම් කාලයේදී මෙම ගින්න හටගෙන තිබේ.
ගින්න ඇතිවන අවස්ථාවේදී දරුවන් නින්දේ පසුවී ඇති අතර, ගින්න සමග ඔවුන් පැනයාමට උත්සාහ කළත් සිය නිදන කාමරය තුළ දරුවන් කොටුවී ඇත්තේ එහි ජනේලද ග්‍රිල් යොදා ආවරණය කර තිබූ නිසාය.
මෙම ගින්න නිසා පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියවුණත්, පසුව මියගිය පිරිස 23ක් බව තහවුරු වී තිබුණි.
මියගිය සිසුන් 21 දෙනා වයස අවුරුදු 13ත් - 17ත් අතර වයසේ පසුවන්නන් වෙති. එමෙන්ම, තවත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් හතර දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබේ.
මෙවැනි ඉස්ලාමීය ආගමික පාසල් තුළ කුරානය ඉගැන්වීම සිදුවන අතර, සිසුන් පාසලේ ලැගුම් ගනිමින් අධ්‍යාපනය ලැබීම සාමන්‍යයෙන් සිදුවන බවද විදෙස් වාර්තා පවසයි.
මෙය පසුගිය වසර 20ක කාලය තුළ මැලේසියාවේ ගින්නක් හේතුවෙන් ඇති වූ දරුණුතම ඛේදවාචකය බව කියැවේ.
මෙය මදුරු දඟරයක් ඇවිලීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ගින්නක්ද යන්න පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුවන බව පොලීසිය පවසයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

