චීනයට වර්ෂ 2020 වනවිට සයිබර් යුද්ධයකට පවා මුහුණදිය හැකි අයුරින් එරට යුද ශක්තිය වර්ධනය කිරීමේ නව සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි.
චීන මධ්‍යම යුද කොමිසම විසින් එළිදක්වා ඇති එම සැලසුම මගින් මහජන විමුක්ති හමුදාව ලෝකයේ වඩාත් ප්රබලතම සන්නද්ධ බලකායක තත්ත්වයට පරිවර්තනය කරන බව සඳහන් වී තිබේ.
චීන මහජන විමුක්ති හමුදාව වත්මන් ලෝකයේ සංඛ්‍යාත්මකව මට්ටමින් ගත්විට විශාලතම යුද හමුදාව ලෙස සැලකෙන අතර, මෙම නව සැලැස්මේදී භට පිරිස් සංඛ්‍යාත්මකව අඩුකොට නවින අවිආයුධවලින් සිය හමුදා ශක්තිමත් කිරීම චීන නායකත්වයේ අභිලාෂය වී තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ලෝක බලතුලනයේ වඩාත් ප්‍රබල සාධකයක් වී ඇති චීනයේ මෙම පියවර ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තිගැස්මකට ලක්කර ඇති අතර, ඔවුන් වක්‍රාකාරයෙන් චීනය වෙත විවිධ නෝක්කාඩුකම් පෑවත්, එරට ආර්ථික ශක්තිය හමුවේ එම බටහිර රටවල් පවා අද චීනය ඉදිරියේ දණ නවන තත්ත්වයක් දැකිය හැකි බව විදෙස් වාර්තා පවසයි.