2019 නව වසර උදාව ලොව පුරා මහත් හරසරින් සමරනු ලැබූවේ, අලංකාර ගිනිකෙළි සංදර්ශන හා ප්‍රසංග සමගිනි.
සමෝආ, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ආදී ලොව නැගෙනහිර කලාපයේ රටවලට 2019 මුලින්ම උදාවීම සිදුවිය. නවසීලන්තයේ ස්කයි ටවර් කුලුණ ගිනිකෙළි සංදර්ශනයන්ගෙන් ආලෝකවත් වනවිට, ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි වරාය ආශ්රිත ප්‍රදේශය ගිනිකෙළිවලින් වැසී ගියේය. මෙවර රුසියාවේ මොස්කව් නුවර, රතු චතුරස්රයේ පැවතියේ අතිශය සුන්දර වටපිටාවකි.
එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්රයට වෙනදා මෙන්ම, මෙම නව අවුරුදු උදාව සැමරීම සඳහා අති විශාල පිරිසක් එක්ව සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ බිග්බෙන් ඔරලෝසුව නව අවුරුදු උදාව සනිටුහන් කරන විට, ලන්ඩන් නුවර ලන්ඩන් අයි කලාපය එකම ගිනිකෙළි සංදර්ශනයකින් ආලෝකවත් විය.
මේ අතර, හොංකොං හි වික්ටෝරියා වරායද අපූරු ගිනිකෙළි සංදර්ශනයකින් හැඩවන විට, උද්ඝෝෂණ නිසා අර්බුදයට ලක්ව සිටි ප්‍රංශයේ පැරිස් නගර වැසියන්ද ගිනිකෙළි සංදර්ශන සමග වීදි බැස තිබුණි.
ජර්මනියේ බර්ලීන්, ජපානයේ ටෝකියෝ, සිංගප්පූරුව මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඇතුළු කලාපයද නව අවුරුදු උදාව ආලෝක රටා මැද සමරනු ලැබීය.
ග්‍රීසියේ ඇතන්ස් නගරය, දකුණු කොරියාවේ සෝල්, තායිලන්තයේ බැංකොක් මෙන්ම, මෙතෙක් කාලයක් යුද්ධයක් නිසා බැටකමින් සිටින ඉරාකයේ, මොසුල් නගරයේද මෙවර නව අවුරුදු උදාව මහත් හරසරින් සමරනු ලැබීය.