යුද්ධ, වධ හිංසා සහ ගැටුම් හේතුවෙන් 2018 වසරේදී ගෝලීය වශයෙන් පලාගිය ජනගහණය මිලියන 70 ඉක්මවන බව කියයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව මෙය වසර 70ක ඉතිහාසයේ ඉහළම සරණාගත අගය බවට පත්ව ඇත.
ඒ අනුව, මිලියන 70.8ක ජනතාවකට බලහත්කාරයෙන් උන්හිටි තැන් අහිමි කර ඇති අතර, එය පෙර වසරට වඩා මිලියන 2.3ක පමණ වැඩිවීමක් බවද සඳහන් වේ.
එමෙන්ම, ආසන්න වසර 20ක කාලය තුළ අගයන් සමග සැසඳීමේදී සරණාගතයන් ප්රමාණය දෙගුණයක් වී ඇති බවද කියයි.
එමෙන්ම, සෑම දිනකම උන්හිටිතැන් අහිමි වීම් 37,000ක් පමණ වාර්තා වන බව වැඩිදුරටත් සඳහන් වෙයි.