2016 වසරේ සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමට ඇමෙරිකානු ගායක සහ ගීත රචක බොබ් ඩිලන් සමත් වී තිබේ.
මේ වනවිට 75 වැනි වියෙහි පසුවන ඩිලන් එරට ගීත සාහිත්‍ය තුළ කාව්‍යමය අයුරින් අදහස් ප්‍රකාශ කිරීමේ මං හෙළි කළ සංගීතඥයෙකු ලෙස සැලකෙයි.
ස්විඩනයේ, ස්ටොක්හෝම් නොබෙල් සාහිත්‍ය සම්මාන කමිටුව විසින් බොබ් ඩිලන් වෙත නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙවර වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය සඳහා බොබ් ඩිලන් තෝරා පත්කර ගැනීම ගැන කිසියම් විවාදයක් ඇති වී තිබෙන බවද විදෙස් වාර්තා පවසයි.