2015 වසරේ නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවේ ජාතික සංවාදශීලී පෙරමුණු හතරක් වෙත හිමිව තිබේ.
අරාබි වසන්තය නමින් ප්‍රථම වරට වඩාත් සාර්ථක ව්‍යාපාරයක් දියත්කොට එරට තුළ ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා ඔවුන් කළ මෙහෙවර වෙනුවෙන් එරට සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසකට මෙසේ සාම ත්‍යාගය පිරිනමා ඇත.
නොබෙල් සාම කමිටුව පෙන්වා දෙන්නේ ටියුනීසියාව සිවිල් අරගලයක් වෙත යෑමට ආසන්නව තිබියදී සාමාකාමී විකල්ප දේශපාලන ක්‍රියාවලියක් ඇති කිරීමට එම පෙරමුණු හතර කටයුතු කළ බවයි. එමෙන්ම, ඉස්ලාමීය මෙන්ම අන්‍යාගමික කණ්ඩායම්වලට ඒකාබද්ධව කටයුතු කරමින් ජයග්‍රහණ අත්පත් කරගත හැකි බව ඔවුන් පසක් කළ බවද එම කමිටුව පෙන්වා දෙයි.