ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් කාලගුණ දත්ත එක්රැස් කිරීම ආරම්භ කළ 1910 සිට මේ දක්වා එරට වාර්තා වූ තෙවැනි උණුසුම්ම වර්ෂය 2014 දී වාර්තා වී තිබේ.
හදිසියෙන් ලැබූ අධික ග්‍රීස්ම තත්ත්ව මෙන්ම, සීත කාලගුණයේ අවම වීමද මෙසේ උණුසුම් කාලගුණයක් ලැබීමට හේතු වී තිබේ.
එහිදී, 2014 වසරේ මැදිකාලීන උෂ්ණත්වය දීර්ඝ කාලීනව සාමන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.91කින් ඉහළ ගොස් තිබේ.
දශක කිහිපයකට පසුව දකුණුදිග ඕසට්‍රේලියාව දරුණු ලැව්ගිනි තත්ත්වයකට මුහුණදුන් පරිසරයක මෙම පුවත වාර්තා වෙයි.