ඇමෙරිකාවේ ක්‍රියාත්මක උණුසුම් යෝගා හඳුන්වාදීමේ පුරෝගාමියෙකුට ලිංගික අපචාර සම්බන්ධයෙන් ඇ.ඩො.මිලියන 06කට වඩා වැඩි වන්දියක් ගෙවීමට සිදුව තිබේ.
මෙම යෝග ගුරුවරයාට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම නිසා තමාගේ රැකියාව අහිමි වූ බව පවසන නීතිඥවරියක් වෙත මෙම මුදල ගෙවීමට සිදුව ඇති බවද කියැවෙයි.
ඇමෙරිකාවේ වෙසෙන, ඉන්දීය සම්භවයක් ඇති 69 හැවිරිදි මෙම යෝග ගුරුවරයා විසින් හඳුන්වාදී ඇති උණුසුම් යෝගාවල විශේෂත්වය නව් උණුසුම් කළ කාමරයක සිට ඉතා සැහැල්ලු ඇඳුමකින් යෝග ව්‍යායාම්වල යෙදීමයි.
මොහු මෙම යෝග අභ්‍යාසවලින් කොතරම් ජනප්‍රියත්වයක් ඉසුලුවේද යත්, නම් දැරූ පුද්ගලයන් රැසක් ඔහුගේ යෝග පාඨමාලාවන්ට එක්ව ඇත.