කාමාතුරයෙකුගේ ගොදුරක් බවට පත්ව ගැබිණියක වූ 13 හැවිරිදි දැරියකගේ ගර්භිණීභාවය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව සිදුකළ ශල්‍යකර්මයෙන් පසු ඇගේ කුස තුළ සිටි දරුවා දින දෙකකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුම්බායි නුවර රෝහලකදී මෙම ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව දරුවා නොමේරූ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව කියයි.
මෙම දැරිය සති 32ක් ගැබිණියක ලෙස ගතකර ඇති අතර, ඇයට සිදුකළ සිසේරියන් සැත්කමින් පිරිමි දරුවෙකු ලබා තිබේ.
මෙම කුඩා දියණියට සිදුකළ අපරාධය සම්බන්ධයෙන් ඇයගේ පියාගේ හිතවතෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඉන්දියානු නීතියට අනුව යම් අපරාධයකට ගොදුරු වූ දැරියක ගැබ්බර වීමෙන් පසු ඇගේ ජීවිතයට අවදානමක් පවතින්නේ නම් සති 20කට පසුව ගැබ ඉවත්කිරීමට අවසර තිබේ.
ඇය ගැබිණියක බව ඇගේ දෙමවුපියන් දැනගෙන ඇත්තේ පසුගිය අගෝස්තු 9 වැනිදාය. ඒ දැරියගේ බඩ ඉදිරියට නෙරා ඒම පිළිබඳව දෙමවුපියන් තුළ ඇති වූ සැකයක් හේතුවෙනි.