එක්සත් ජනපදය, ෆින්ලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය පුරා ස්ථාන රැසකදී වයස අවුරුදු 12ට අඩු දරුවන් දහස් ගණනක් ඇතුළත් කරමින් පුළුල් අධ්‍යයනයන් ෆයිසර් සමාගම පුළුල් කර තිබේ.
ඒ අනුව එක්සත් ජනපදය, ෆින්ලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සායනික ස්ථාන 90කට වැඩි ගණනක දරුවන් 4,500ක් පමණ මෙම සායනික අධ්‍යයනය සඳහා ඇතුළත් බව ඖෂධ සමාගම පවසයි.
ෆයිසර් සහ එහි ජර්මානු හවුල්කරු බයෝඑන්ටෙක් විසින් නිපදවන ලද මෙම එන්නත එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ යුරෝපා සංගමයේ වයස අවුරුදු 12 හෝ ඊට වැඩි ඕනෑම අයෙකුට හදිසි භාවිතය සඳහා දැනටමත් අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව වැඩිහිටියන්ට සමාන මාත්‍රාවක් ඔවුන්ටද ලබාදෙයි.
නව අධ්‍යයනය සඳහා අවුරුදු 5 සිට 11 දක්වා දරුවන් බඳවා ගැනීම මේ සතියේ ආරම්භ විය. මාත්‍රා දෙකේ එන්නත්කරණය පිළිබඳව අධ්‍යයනය කරන පළමු වැනි අදියරේදී ළමයින් 144දෙනෙකුගේ ආරක්ෂාව, දරාගැනීමේ හැකි බව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මත පදනම්ව ෆයිසර් පැවසුවේ වයස අවුරුදු පහේ සිට 11 දක්වා දරුවන් තුළ අඩු මාත්‍රාවක් ලබාදෙමින් පරීක්ෂා කරන බවයි.
ෆයිසර් ප්‍රකාශකයෙකු පැවසුවේ සමාගම සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින්ගෙන් දත්ත අපේක්ෂා කරන අතර, එම මස අගදී හදිසි භාවිත අවසරය සඳහා නියාමකයින්ගෙන් ඉල්ලා සිටින බවයි. අවුරුදු 2 සිට 5 දක්වා වූ දරුවන් සඳහා දත්තද ඉක්මණින් පැමිණිය හැකි බව ඔහු පැවසීය.
එසේම මාස 6 සිට අවුරුදු 2ක දක්වා වයස් කාණ්ඩවල දත්ත ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී ලබා ගැනීමට ෆයිසර් අපේක්ෂා කරයි.
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව, යෞවනයන් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් ජනපදයේ අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇත.
ළමයින්ට සහ තරුණයින්ට එන්නත් කිරීම ප්‍රජා ප්‍රතිශක්තිය කරා ළඟාවීමේ සහ කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකෙයි.