එන්නත බලාපොරොත්තුවක් කෙනෙකුට ලබාදුන්නද WHO හි ප්‍රධානියා කනස්සල්ලෙන්
ලෝක ජනගහනයෙන් අවම වශයෙන් 20%කට එන්නත් මිලදී ගැනීම සඳහා 2021 වසරේදී අතිරේකව ඇ.ඩො.බිලියන 4.6ක අරමුදල් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් අවධාරණය කරයි.
කොවිඩ්-19 එන්නත තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
කෙසේ වෙතත් එන්නත් බෙදාහැරීමේ ක්රියාවලයේදී මේ දක්වා පෙනෙන්නට ඇති ජාතිකවාදී ප්‍රවණතාව, වසංගතය සමග කටයුතු කිරීමේ ප්‍රගතියට බාධාවක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු ඇඟවීය.
"එන්නත් මගින් සමහරුන්ට බලාපොරොත්තුවක් ලබාදෙනවා. නමුත් එන්නත් ජාතිකවාදය ලෝකයේ දුප්පත්ම හා වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට මේ ජීවිතාරක්ෂක මෙවලම් අහිමි කරනු ඇතැයි මා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිනවා. දේශපාලනික වශයෙන් වූ කැපවීම ක්‍රියාවට නැංවීමේ කාලය දැන් එලැඹ තිබෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

