කොරෝනා නිසා මියගිය පිරිස 28 දිනය අවසන 132ක් - WHO
චීනයේ, හුබෙයි පළාතේ වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරී ගිය නව කොරෝනා වෛරසයෙන් මියගිය චීන ජාතිකයන් පිරිස ඊයේ (28දා) දිනය අවසන් වනවිට 132ක් ලෙස සටහන් විය.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ දත්ත අනුව මේ වනවිට රෝගය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති පිරිස 5,974කි. ඊයේ (28දා) උදෑසන වනවිට මියගිය සංඛ්‍යාව 106ක් ලෙස වාර්තා විය.
එමෙන්ම තවත් 9,239 දෙනෙකුට රෝගය ආසාදිත බවට සැක කෙරෙන අතර, ඔවුන්ද රෝහල් තුළ ප්‍රතිකාර ලබති.
මීට අමතරව තායිලන්තය, ප්‍රංශය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 16කින් අවම වශයෙන් රෝගීන් 47ක් වාර්තා වී ඇත. කෙසේ වෙතත් චීනයෙන් පිටත කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නොමැත.
මෙම වෛරසය හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් හි මුහුදු ආහාර වෙළෙඳ පොළක නීතිවිරෝධී ලෙස වෙළඳාම් කරන ලද වන සතුන්ගෙන් හටගෙන ඇතැයි විශ්වාස කෙරෙන අතර, මෙම වසංගත තත්ත්වය උග්‍ර ශ්වසන ආසාදන ඇති කරන අතර නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් ඒ සඳහා මෙතෙක් සොයාගෙන නැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

