සාධාරණ ජීවන තත්ත්වයන් සරණාගත ප්‍රශ්නයට අවශ්‍යයි
හයිටි සරණාගතයින්ට එක්සත් ජනපදය සැලකීම පිළිබඳ විරෝධය මධ්‍යයේ, අසීරුතාවයන් සහ ගැටුම් තම රටේ සංක්රමණයන් මෙහෙයවන බව කලබලයට පත් වූ දූපත් රාජ්‍යයේ අගමැතිවරයා පැහැදිලිව පැවසීය.
"ස්වෛරී රාජ්‍යයකට තම දේශ සීමාවට ඇතුළු වීමේ දේශසීමා පාලනය කිරීමට හෝ නීති විරෝධී ලෙස රටකට ඇතුළු වන අයව ආපසු රට වෙත හරවා යැවීමට ඇති අයිතියට අභියෝග කිරීමට අපි කැමති නැහැ. නමුත් දරුවන් සිටින මනුෂ්‍යයන්, පියවරුන් සහ මව්වරුන් සෑමවිටම දරිද්‍රතාවයෙන් හා ගැටුම්වලින් පලා යාමට උත්සාහ කරනවා. සරණාගතයින් දේශපාලන හෝ ආර්ථික යන කුමන හෝ හේතූන් මත ඔවුන් හැර යන රටවල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මා ඉල්ලා සිටිනවා" හයිටි අගමැති ඒරියල් හෙන්රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික ලෝක නායක රැස්වීම අතථ්‍ය ආකාරයෙන් අමතමින් කියා සිටියේය."
"පෘථිවිය පොහොසත් ප්‍රදේශ හා දුප්පත් ප්‍රදේශ කියා දෙකොටසක් පවතින තාක් සංක්‍රමණය අඛණ්ඩව සිදුවෙනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් යහපත් ජීවිතයක් සඳහා අපේක්ෂාවක් නොමැතිව දරිද්‍රතාවය තුළ බැටකමින් ජීවත් වෙනවා" ඔහු පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

