ඉන්දීය රාජකීයයන්ට අයත් රත්රන් කෑම බඳුනක් සොරාගෙන ගිහින්ලු
රත්රන් සහ දියමන්ති දමා වැඩ දැමූ රාජකීයයන්ට අයත් කෑම බඳුනක් සොරකම් කළ පුද්ගලයන් සොයා ඉන්දියාවේ දකුණුදිග හයිද්‍රාබාද් පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
මෙම කෑම බඳුන සොරාගත් පුද්ගලයන් විසින් තවත් මැණිකක් සහ රත්රන් වැඩ දැමූ තේ කෝප්පයක්, පීරිස්සක් සහ හැන්දක්ද සොරාගෙන ඇත.
මෙම සම්පූර්ණ භාජනවල බර කිලෝග්‍රෑම් 3ක් පමණ වන අතර, ඒවායෙහි මිල ඇ.ඩො.මිලියන 7ක් (රු.මිලියන 1,140ක්) පමණ වනු ඇති බව විශ්වාස කෙරෙයි.
වරක් ලෝකයේ ධනවත්ම පුද්ගලයෙකු වූ, හයිද්‍රාබාද් හි හිටපු නිසාම් රජු මීර් ඔස්මාන් අලි ඛාන්ට අයත් රන් බඳුන් ලෙස මේවා සැලකෙයි.
පසුගිය සඳුදා උදෑසන මෙම සොරකම පිළිබඳ කරුණු අනාවරණය වූ අතර, පොලීසිය විශ්වාස කරන්නේ ඊට පෙර දින එනම් ඉරිදා රාත්රියේදී මෙම සොරකම සිදුවන්නට ඇති බවයි.
වර්තමානයේදී කෞතුකාගාරයක් ලෙස ජනතාවට විවෘත නිසාම් මාලිගයේ තැන්පත් කර තිබියදී මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව කියයි.
මෙම රාජකීය පවුලටම අයත් කඩුවක් මීට පෙර එම කෞතුකාගාරයේදීම සොරාකම් කර තිබුණේ මීට වසර 10කට පෙරදීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

