සිරියානු ඉස්ලාමීය අන්තවාදීන්ගේ ඝාතන ගැන UN වාර්තාවක්
ඉස්ලාමීය පාලනයක් ස්ථාපිත කළ බව පැවසෙන සිරියානු කලාපය තුළ ජිහාඩ් අන්තවාදීන් විසින් කරන ලද ක්රෑර ක්රියා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරු ප්රකාශයට පත්කොට තිබේ.
ඔවුන් මාස හයක කාලයක් පුරා එකතු කරගත් දත්ත අනුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
එහිදී, ජිහාඩ් අන්තවාදීන් විසින් මරණ දඬුවම් පැමිණවීම් ජනතාව ඉදිරියේම බොහෝ දුරට සිදුකර ඇති බවත්, එකී මරණ දණ්ඩනයන් ක්රියාත්මක වන ආකාය බලා සිටින ලෙස කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන්ට පවා බලකර ඇති බවත් එම වාර්තාවට අනුව පැවසෙයි.
එහිදී, මරා දැමුණු පුද්ගලයන්ගේ මළ සිරුරු දින ගණනක් යන තුරු ඉවත් නොකර ඒවා ප්රදර්ශනය කර තැබීමටද මෙම අන්තවාදීන් කටයුතු කරන බව හෙළි වී තිබේ.
සිරියානු අන්තවාදීන්ගේ ක්රියා මේ ආකාරයෙන් උත්සන්න වෙද්දී, එරට රජයේ හමුදාව හෙලිකොප්ටර්වලින් පැමිණ බැරල් බෝම්බ සහ ක්ලෝරීන් වායු ප්රහාර එල්ල කර ඇති බවත්, රෝහල් වලට ෂෙල් වෙඩි ගැසීම් සහ සිවිල් ජනතාව වද දී මරා දැමීම් සිදුකර ඇති බවටද එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

