ඊජිප්තුවේ මමියක් ලෙස තැන්පත් කර තිබූ පූජකවරයෙකුගේ හඬ කෘත්‍රිම වාචික ශබ්ද මගින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර තිබේ.
එහිදී ඊජිප්තුවේ නෙසියමුන් නමැත්තාගේ කටහඬ ස්වරයක් ආකාරයේ ශබ්දයකින් යළි නිර්මාණය කර ඇති අතර එම හඬ බැටළුවෙකුගේ කෑගැසීමක් සිහිපත් කරවන්නක් බව කියැවෙයි.
නෙසියමුන් නමැති පූජකවරයා වාසය කර ඇත්තේ, ක්‍රිස්තු පූර්ව 1099 - 1069 අතර කාලයේය. එම කාලය දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක් පැවති එකොලොස් වන රැම්සෙස් පාරාවෝ රජුගේ පාලන සමය විය.
තීබ්ස්හි පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනා කිරීම් සඳහා ඔහුට තියුණු හඬක් අවශ්‍ය විය.
නෙසියමුන්ගේ මරණයෙන් පසු ඔහුගේ කටහඬ නිහඬ විය. එහෙත්, වසර 3000කට පසු පර්යේෂකයින් කණ්ඩායමක් ඔහුගේ කටහඬ යළි ජීවමාන කළේය.
ඔවුන් එසේ කර ඇත්තේ, නෙසියමුන්ගේ ස්වරාලයට සමාන වන පරිදි ත්‍රිමාණ මුද්‍රිත ස්වරාලයක් නිර්මාණය කිරීමෙනි.
කෘත්‍රිම ස්වරාලයකින් නැගුණු ශබ්දය භාවිත කිරීමෙන් ඔවුහු නෙසියමුන්ගේ හඬට සමාන ස්වරයක් ඉදිරිපත් කරමින් මෙම කටහඬ යළි නිර්මාණය කළේය.