රුසියානු හමුදා හිතවාදීන් විසින් ක්‍රිමියාවේ සෙවෙස්ටොපෝල්හි නාවික හමුදා කඳවුරේ පාලනය සියතට ගත්බව විදෙස් පුවත් සේවා ඊයේ වාර්තා කළේය.
මෙය ක්‍රිමියාවේ පිහිටි යුක්රේන නාවික හමුදා මූලස්ථානය ලෙස සැලකෙයි.
එහි සිටි යුක්රේන නාවික හමුදා ප්‍රධානීයා රඳවා ගැනීමට කටයුතු කර ඇති අතර, බොහෝ යුක්රේන ජාතිකයන් ඉන් ඉවත්ව ගිය බවත්, අවසානයේදී රුසියානු ධජය නාවික හමුදා කඳවුරේ ලෙල දෙන ආකාරය දැකගත හැකි වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ඊයේ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටීන් විසින් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට ඇඳෑ ගැනීම පිළිබඳ වූ ගිවිසුම් ක්‍රිමියා බලධාරීන් සමග අත්සන් කරන ලදී.
ඊට පෙර ඉරිදා පැවති ජනමත විචාරණයෙන් ක්රිමියාව රුසියාව සමග සම්බන්ධ විය යුතු බවට අති බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබුණි.
කෙසේ වෙතත් මෙම මැතිවරණය පිළිබඳව බටහිර දැඩි විරෝධයක් දැක්වුවද, රුසියාව එය තඹයකට මායිම් නොකළ බව පැහැදිලි විය.
ක්රිමියාව රුසියාවට ඈඳා ගැනීමෙන් පසුව පූටින් කියා සිටියේ ඇමෙරිකාව තවදුටරත් ලෝකයේ ඉරණම වෙනස් කරන රාජ්‍ය නොවන බවය.