යුක්රේන ජනපතිගේ සහනය ප්‍රතික්ෂේප වී ප්‍රචණ්ඩක්‍රියා වැඩිවේ
යුක්රේන ජනපති වික්ටර් යනුකොවිච් රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීම වෙනුවෙන් යම් සහනදායී වැඩපිළිවෙළකට පොරොන්දු වුවත්, කියෙව් අගනුවර ප්‍රචණ්ඩක්‍රියා තවදුරටත් උත්සන්න වි ඇති බව වාර්තා වෙයි.
රාත්‍රී කාලයේදී නගරය පුරා විශාල ගිනි ජාලාවල් දැකිය හැකි අතර, උද්ඝෝෂකයන් පොලීසිය වෙත ගල් මුල්වලින්, රතිඤ්ඤාවලින් හා පෙට්ට්‍රල් බෝම්බවලින් දමාගසන ආකාරයද දැකිය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. එහිදී, පොලිසිය පෙරලා උද්ඝෝෂකයන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් උද්ඝෝෂණ පාලනය කිරීමේ දැඩි උත්සාහයක නිරත වන බවද පැවසෙයි.
විශේෂයෙන් ජනපති යනු කොවිච් විසින් විරෝධතා තහනම් කිරීමේ නීතිය සංශෝධනය කිරීමටත්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුකිරීමටත් පොරොන්දු වුවද, විපක්ෂ නායක විටාලි ක්ලිට්ස්ච්කෝ කියා සිටින්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

