ෆේස්බුක් සමාජ ජාලයේ ප්රචාරක හා අලෙවි ප්‍රධානී ඇන්ඩ්‍රෘ බොස්වර්ත් විසින් යවනලද සිහිකැඳවීමේ පතක් (මෙමෝ) මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමග එම ආයතනය යළිත් අර්බුදයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
2016 වසරේදී යවා තිබූ මෙම අභ්‍යන්තර සිහිකැඳවීමේ පතින්, ෆේස්බුක් උපයෝගී කරගෙන යම් පුද්ගලයෙකු මානසික හිරිහැරයකට ලක්කළ හැකි බව ඔහු පිළිගෙන තිබේ.
එමෙන්ම, ෆේස්බුක් සමාජජාලය උපයෝගී කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් වුවද ක්‍රියාත්මක වී යමෙකු මිය යෑම පවා සිදුවිය හැකි බව බොස්වර්ත් පිළිගැනීම මෙම ප්රශ්නය උග්‍ර කර තිබේ.
කෙසේ වෙතත්, මේ කවර ආකාරයකින් වුවද ෆේස්බුක් ජනතාව අතර සබඳතා ගොඩනගන බවද ඔහු එම සිහිකැඳවීමේ පතින් ප්‍රකාශ කර තිබීමද විශේෂත්වයකි.
ෆේස්බුක් පරිශීලක දත්ත තෙවැනි පාර්ශ්වයක් අතට පත්කරමින් ඒවා මැතිවරණ ප්රචාරක ව්‍යාපාර සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් එම ආයතනය පසුගිය මාසයේදී දැඩි චෝදනාවන්ට ලක්වූ අතර, ෆේස්බුක් කොටස් වෙළෙඳ පොළේ පසුබෑමකට ලක්වීම මෙන්ම, එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ඇයදීම දක්වා එය දුරදිග ගියේය. එවැනි පසුබිමක මෙම සිහිකැඳවීමේ පතද අනාවරණය වීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇණීමක් හා සමාන යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.