මිනිස් ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් 12 දෙනෙකු සේවයෙන් පහ කිරීමට මැලේසියානු රජය පසුගියදා කටයුතු කර තිබේ.
මේ අතර, පසුගියදා තායිලන්ත දේශසීමා ආසන්නයේදී සොයා ගැනුණු සංක්‍රමණිකයන්ගේ සොහොන් පිළිබඳ සිදුවීමත් සමග මෙසේ සේවයෙන් පහ කළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සම්බන්ධතා පිළිබඳවද තොරතුරු වාර්තා වෙයි.
මැලේසියාවේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වැන් ජුන්ඩායිඩී පවසා සිටින්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම පිළිබඳව චෝදනා ලබා ඇති බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පසුගියදා සොයා ගැනුණු සොහොන් සමූහ සොහොන් නොවන බවයි.