නම්‍යශීලී සැම්සුන්ග් ස්මාට් ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම්
ලොව ප්‍රමුඛතම ස්මාට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන සැම්සුන්ග් සමාගමේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම සැප්තැම්බර් මස සිදුවන බව දැනුම් දෙයි.
සැම්සුන්ග් ගැලක්සි වර්ගයේ දුරකථනය මීට පෙර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතව තිබුණත්, එය පරීක්ෂා කිරීමට ලබාදුන් පුද්ගලයන්ගෙන් පැමිණි පැමිණිලි හේතුවෙන් එය පමා කෙරුණි.
ඇමෙරිකානු ඩොලර් 2,000කට ආසන්න වටිනාකමකට වෙළෙඳ පොළට නිකුත් වනු ඇති බව කියන මෙම දුරකථනය, මූලික වශයෙන් තෝරාගත් වෙළෙඳ පොළ කිහිපයක් වෙත එය නිකුත් කෙරුණු ඇත.
ඒ අනුව, අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිත වූ දුරකථනයෙන් ඔබ්බට, තිරයට වැඩි ආරක්ෂාවක් මෙන්ම, දුරකථනය නැවෙන ස්ථානය තවත් ශක්තිමත් කිරීමට සැම්සුන්ග් සමාගම කටයුතු කර ඇත.
චීනයේ හුවාවේ, ෂයෝමි ආදී ජංගම දුරකථන මාදිලි සමග දැඩි තරගයකට මුහුණදීමට සිදුව ඇති සැම්සුන්ග් සමාගම මෙවර සිය නවතම උත්සාහය වඩාත් සාර්ථක කරගැනීමේ අධිඨනින් පසුවෙයි.

popular news
-
P.k.R. Chaminda Thursday, 05 November 2020 11:38 PM
094774887923This is my phone number.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

